අලවතුගොඩ මධ්‍ය මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

2024 කලා උළෙල

IMG-20240917-WA0011.jpg
IMG-20240917-WA0011.jpg

 

බ්‍රිතාන්‍ය රාජ්‍ය සමයේ ඩෙඩ් හැම්  ආණ්ඩුකාරවරයාගේ ධුර කාලය තුලදී  ජම්බෝලගහමුල  ගෙදර භූමියේදී සිසුන් 8 දෙනෙකුගෙන් යුත් පාසල මුලින්ම ආරම්භ විය. 1919 වර්ෂයේදී පිරිමි පාසලක් ලෙස අලවතුගොඩ 8 අරඹේපොළ ප්‍රදේශයේදී   මුලින්ම ආරම්භ වූ අප පාසලේ මුල්ම විදුහල්පතිවරිය වුයේ මායාදුන්නේ මැතිණියයි . මුලින්ම කුඩා ගොඩනැගිලි 2 කින් සමන්විත වූ මෙහි ගුරු මණ්ඩලය 6-8 දක්වා සේවය කර ඇත.

නුගවෙල අධ්‍යාපන ඇමතිතුමාගේ සමයේදී මිශ්‍ර පාසලක් බවට   පරිවර්තනය වූ අප පාසලේ එම වකවානුවෙදිම මුල්ම දෙඅහල් ගොඩනැගිල්ලද ඉදිකරන ලදී. මුල්ම ගුරු නිවාසය ඉදි වුයේද මේ සමයේදීය.2012 වර්ශයේදී මුල්ම පරිගණක විද්‍යාගාරය ඉදි කරන ලද අප පාසල වෙත 2015 වර්ෂයේදී මහින්දෝදය විද්‍යාගාරය හිමි විය. 2018 වර්ෂයේදී නව පරිපාලන  ගොඩනැගිල්ල ඉදි කරන ලදී.
1919 ජනවාරි සිට මේ දක්වා වසර 105 තුල එදා මේද තුර සේවය කල විදුහල්පති මහත්ම මහත්මීන් 15 දෙනෙකු පමණ විදුහල්පතිධුරය හොබවා ඇති අතර වර්තමාන විදුහල්පති ලෙස S.T.P.K.A. පතිරණ මහත්මා (SLPS1) දැනට නියමුවාණන් ලෙස කටයුතු කරයි.