- සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදුහල් ව්‍යවස්ථා මාලාවට අනුකූලව කටයුතු කළ යුතු අතර, විදුහල්පති හා ආචාර්ය මණ්ඩලය විසින් දෙනු ලබන උපදෙස් හා නියෝග පිළිපැදිය යුතුයි. එසේ නොකරන සිසුන්ට දඬුවම් පැමිණවීමේ බලය විදුහල්පති හා විනය කමිටුව සතුව ඇත.
- විදුහල්පතිතුමාගේ අවසරයකින් තොරව ප්‍රසිද්ධ ස්ථානවල පැවැත්වෙන බාහිර ක්‍රියාකාරකම්, නාට්‍ය, චිත්‍රපට, ආලිංගන නැටුම්, රූපවාහිනී තරඟ ආදියට පෙනී සිටීම තහනම්ය.
- පාසල තුලදීත් පිටදීත් පාසලේ ගරුත්වය ආරක්ෂාවන පරිදි හැසිරිය යුතුයි.
- ශිෂ්‍ය නායක?නායිකාවන්ගේ නියෝග වලට අවනත විය යුතුයි.
- තමන් වෙත පවරනු ලබන වගකීම් මැනවින් ඉටුකළ යුතුයි.
- සියලුම සිසුන් පෙ.ව.7.00ට පෙර සහ පාසල අවසන්ව ප.ව 3.30ට පසු අනවසරයෙන් පාසල් භූමියේ රැඳී නොසිටිය යුතුයි.
- දිනපතා පැමිණීම අනිවාර්ය වන අතර ප්‍රමාද වී පාසලට පැමිණීමෙන් වැළකිය යුතුය.
- පාසලට පැමිණෙන විටදී සහ විශේෂ උත්සව අවස්ථාවලදී ද අදාළ සම්පූර්ණ නිල ඇඳුමෙන් සැරසී සිටිය යුතුය.
- සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් උදෑසන රැස්වීමට සහභාගි වීම අනිවාර්ය වේ.
- පාසලට නොපැමිණෙන එක් දිනක් සඳහා මවුපිය භාරකරුගෙන් ඊට හේතු දැක්වෙන ලිපියක් පන්තිභාර ගුරු මහතාට හෝ මහත්මියට ඉදිරිපත් කළ යුතුයි.
- දින තුනක් හෝ ඊට වැඩි කාලයක් පාසලට නොපැමිණියහොත් දෙමාපිය හෝ භාරකරු සමඟ පාසලට පැමිණ හේතු, ඉදිරිපත් කළ යුතුයි.
- කාල සටහන පරිදිනියමද විෂයන් සඳහා පන්ති කාමරයේ/ විද්‍යාගාරයේ/ තාක්ෂණ අංශයේ රැඳී සිටිය යුතුයි.
- පාසල් භූමිය තුළ නිකරුණේ ඇවිදීමෙන් වැළකිය යුතුයි.
- පාසල් භූමියෙන් පිටතට අනවසරයෙන් යාම සපුරා තහනම් වේ.
- පාසලේ ආපනශාලාව පාවිච්චි කළ යුතු වන්නේ පෙ.ව 7.30ට පෙර සහ පෙ.ව.10.30 සිට පෙ.ව 10.55 දක්වා කාලය තුළ පමණි.
- පන්ති කාමරයෙන් පිටතට හදිසියේ යාමට අවශ්‍යතාවයක් වී නම්, ඒ සඳහා ඔබ වෙත ලබාදෙන අවසර පත්‍රය විනාඩි පහක කාලයක් සඳහා ප්‍රයෝජනයට ගත හැකි( එය පාසල් භූමියෙන් පිටතට යාමට අවසරයක් නොවන්නේය).
- විදුහල්පති සහ ආචාර්ය මණ්ඩලයේ අවසරයක් නොමැතිව පාසල් භූමිය තුළදී හෝ පන්ති කාමර තුළදී හෝ වෙනත් ස්ථානයකදී හෝ පාසලට යන එන අතරමගදී හෝ කිසිම ශිෂ්‍ය ශිෂ්‍යාවකට අමුත්තන් මුණගැසීම තහනම් වේ.
- සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉගෙනීම සහ විෂය සමගාමී කටයුතුවලට බාධා නොවන පරිදි පාසල තුළ හැසිරිය යුතුයි.
- පාසලේ ලී බඩු උපකරණ, ගොඩනැගිලි, පෙළ පොත් හා අනෙක් දේපළවලට අලාභ හානි නොකළ යුතුයි.
- විශේෂ අවස්ථාවලදී දෙමාපියන් හෝ භාරකරුවන් කැඳවාගෙන එන ලෙස දැනුම් දුන් විටදී ඔවුන් සමග පැමිණිය යුතුයි.
- දෛනික පිරිසිදු කිරීමේ කටයුතු කරන සිසු සිසුවියන්, උදෑසන රැස්වීමට පෙරයම කාර්යයන් නිම කළ යුතුයි.
- සිසුන් අත් කොට කමිසය හා කලිසම නියමිත ආකාරයට ( ශිෂ්‍යයෙකුට උචිත ආකාරයට) මසාගත යුතුයි.
- සිසුන් පාසලටනොගැළපෙන ආකාරයට විවිධ මෝස්තර අනුව කොණ්ඩය කපා පාසලට නොආ යුතුයි. කොණ්ඩය කොටට කපා පැත්තට පීරීම කළ යුතුයි.
- සිසුන්ගේ පාසල් නිල ලාංඡනය පැළඳීම අනිවාර්ය වේ.
- ශිෂ්‍යාවන්ගේ ගවුමද පාසල් ශිෂ්‍යාවකට උචිතව මසා තිබිය යුතු අතර එය දණහිසේ සිට අඟල් 1.10 ක් පමණ දික්විය යුතුයි.
- ශිෂ්‍යාවන් තම කොණ්ඩය මැදින් බෙදා දෙපැත්තට පීරා කන් ඇරෙන සේ කොණ්ඩා කරල් දෙකක් වන සේ අග දක්වා ගැටිය යුතුයි.
- නිය ආලේපන, තොල් ආලේපන, ඇහිබැම සකස් කිරීම සපුරා තහනම්ය.
- සියලූම සිසුන් කළු සපත්තු ද සිසුමියන් සුදු සපත්තු ද පැළඳිය යුතුයි. විශේෂ පුහුණුවීම් අවස්ථාවලදී හැර විවිධ පාටවල කැන්ව සපත්තු පැළඳීම තහනම්ය. තමන් සන්තකයේ සපත්තු නොමැති නම් හෝ කකුලේ තුවාලයක් වී නම් කළු සෙරෙප්පු යුගලයක් පැළඳීමට අවසර දෙනු ඇත.
- සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම වැලමිට නැවෙන ස්ථානය ඉන ලෙස සැලකිය යුතු අතර අත්‍යාවන්ගේ ඉන්න පටියද, සිසුන්ගේ කලිසම ද ඉණ මත රඳවා ගත යුතුයි.
- දිනපතා සම්පූර්ණයෙන්ම රැවුල කැපීම අනිවාර්ය වේ.
- විවිධාකාර අත් ඔරලෝසු බැඳීම නොකළ යුතුයි.
- ශිෂ්‍යාවන් දෙපිරිසම කොණ්ඩය පාට කිරීම තහනම්ය.
- අසභ්‍ය පොත්පත්, සඟරා, පුවත්පත්, පින්තූර, ඡායාරූප, ආයුධ, පුපුරණ ද්‍රව්‍ය, මත්පැන්, සංයුක්ත තැටි, දුරකථන හා සිම්පත්, මත්කුඩු, දුම් වැටි, ආදිය පාසලට ගෙන ඒම තදබල වරදකි.





