විදුහල්පති පණිවිඩය
S.T.P.K.A. පතිරණ
මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කය මහනුවර දිස්ත්‍රික්කය අලවතුගොඩ ග්‍රාමවරයේ සුපතල පාසලක් වන වන එවකට අලවතුගොඩ මධ්‍ය මහා විද්‍යාලය වර්තමානයේ අලවතුගොඩ ජාතික පාසල කීර්තිමත්, ජනප්‍රිය පාසලක් බවට පත්ව ඇත. 2024 වර්ෂය වන විට 1AB වර්ගීකරණයට අනුව 6-13 දක්වා පන්ති පැවැත්වේ. ඉන් උසස් පෙළ අංශයේ කලා, වාණිජ, විද්‍යා, තාක්ෂණ හා දහතුන් වසරක සහතික කරන ලද පාඨමාලාව සහිතව ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ. දුවා දරුවන්ගේ ගුණ නැණ වර්ධනය කර රටට දැයට වටිනා දරුවෙකු බිහිකිරීම අප පාසල් මාතාවගේ අභිලාෂයයි. මෙම වර්ෂය තුල මාගේ අපේක්ෂාව පියවර 2ක් ඉදිරියට තැබීමට පාසල් ප්‍රජාවගේ සමස්ථ සහයෝගය ලැබෙතැයි අපේක්ෂා කරන අතර දිදුලන පාසලක් වීමට එකසිතින් ප්‍රාර්ථනා කරමි.
S.T.P.K.A. පතිරණ
විදුහල්පති
අලවතුගොඩ මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල).





